ප්‍රායෝගිකව භෞතික විද්‍යාව ඉගෙන ගන්න

මෙය හුදෙක් විනෝදාත්මක ක්‍රීඩාවක් ලෙස නොව, ආසාවෙන් භෞතික විද්‍යාව ඉගෙන ගැනීමටත්, සූත්‍ර ප්‍රායෝගික අවස්ථාවල භාවිත වන ආකාරය තේරුම්ගෙන මතක තබා ගැනීමටත් නිර්මාණය කර ඇත.

සෑම Mission එකකම එක් වරකට අභියෝග 5ක් දක්වා ක්‍රීඩා කළ හැකි අතර, ඒවා නැවත නැවත කිරීමෙන් ඔබගේ මතකය, සිතීමේ හැකියාව සහ දෘශ්‍යකරණ හැකියාව (Imagination Skills) වැඩිදියුණු කර ගත හැක.

ක්‍රීඩාව තුළ ඇති සරල ගණනය කිරීම් හැකි තරම් Calculator එකක් භාවිත නොකර කරන්න. එවිට ඔබගේ මානසික ගණනය කිරීමේ වේගය සහ ගැටලු විසඳීමේ හැකියාවද වැඩිදියුණු වේ.

පරණ පාඩම් අමතක වී ඇති අවස්ථාවලදී මෙම Missions නැවත Play කර බලන්න. ඔබට අමතක වී ඇති සංකල්ප, සූත්‍ර සහ ප්‍රායෝගික ක්‍රියාපටිපාටි නැවත ඉතා පහසුවෙන් මතක් කර ගත හැක.

එසේම එක් Mission එකක් ක්‍රීඩා කරන විට ඔබගේ ප්‍රායෝගික පොත / සටහන් පොත ළඟ තබාගෙන භාවිත කරන්න. Simulation එක තුළ සිදුවන දේ සහ පොතේ සඳහන් සිද්ධාන්ත එකිනෙකට සම්බන්ධ කර බැලීමෙන් ඒවා දිගුකාලීනව මතක තබා ගැනීමට පහසු වේ.

විශේෂයෙන් ගණිත සහ විද්‍යා විෂයයන් හදාරන ඔබ, ඔබේ මිතුරන් සමඟ XP, Score සහ Leaderboard භාවිත කරමින් සෞඛ්‍ය සම්පන්න තරගයක් ඇති කරගන්න.

More Than Just a Game — Learn Physics Practically

This is not designed simply as an entertaining game. It is created to help students enjoy learning Physics, understand how formulas are used in practical situations, and remember concepts more effectively.

Each Mission includes up to 5 challenges in a single play session. By repeating missions regularly, you can improve your memory, problem-solving ability, and visualisation/imagination skills.

Try to complete the simple calculations in the game without using a calculator whenever possible. This will help improve your mental calculation speed and strengthen your overall mathematical ability.

If you have forgotten an older lesson, simply return to the relevant Mission and play it again. It can help you recall important concepts, formulas, measurements, and practical procedures that you may have forgotten.

While completing each Mission, keep your Physics practical book or class notes with you. Compare what happens in the simulation with the theory in your notes. Connecting the visual practical experience with the theory can make the lesson easier to understand and remember for a longer time.

Students studying Mathematics and Science subjects can also use the XP, Scores, and Leaderboard to create a healthy competition with friends and motivate each other to improve.